Notice - වැදගත්!

මුලින්ම ඔයාලා හැමෝටම මේ ලබපු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා! ඒ වගේම මේ අවුරුද්දේ නිකුත් කරපු ගැසට් ටික දාන්න බැරි වුනාට සමාවෙන්න කියලත් කියන්න ඕනෙ. ඔන්න අද ඉදන් ඒ ඔක්කොම හරි. තව පැය කිහිපයක් ඇතුලත මගහැරුනු හැම ගැසට් එකක්ම ඇප් එකට දානවා. ඒත් එක්කම කියන්න ඕනෙ ඇප් එකේ අලුත් Update එකක් නිකුත් කරා.

අලුත් Update එකේදී ඇප් එකට තව කොටස් ගොඩක් එකතු කරා ඔන්න මේ පාර. ඒවා තමයි,
  • Extraordinary Gazettes / අති විශේෂ ගැසට් පත්‍ර
  • Bills / පනත් කෙටුම්පත්
  • Acts / පනත්
  • Tender Notices / ටෙන්ඩර් දැන්වීම්

මොනවා කරන්නත් කලින් ඇප් එක Update කරගන්න අමතක කරන්න එපා!
(Play Store එකේ Search කරලා ආපහු අපේ ඇප් එකට ගියාම Update කියලා Button එකක් ඔයාලට දකින්න ලැබෙයි.)

ඒ වගේම කියන්න ඕනෙ දැන් ඇප් එකේ දාලා තියෙන්නෙ සහ මීට ඉස්සරහට දාන්න හිතාගෙන ඉන්නෙ සම්පූර්ණ ගැසට් එක. ගොඩක් වෙලාවට ඔයාලට එක එක වෙබ්සයිට් වලින් සහ අනෙක් ඇප් වලින් දකින්න ලැබෙන්න ගැසට් එකේ පළවෙනි කොටස විතරයි. ඒත් සම්පූර්ණ ගැසට් එකේ කොටස් 6ක් තියෙනවා. දැන් ඉදලා මේ ඇප් එකෙන් අපි සම්පූර්ණ ගැසට් එකම දෙන්න හිතුවා. එතකොට ඔයාලට කිසිම දෙයක් මගහැරෙන්නෙ නෑ.

I කොටස:
  • ප්‍රකාශන, පත්කිරීම්, රජයේ නිවේදන, මිල පාලන දැන්වීම්, මහ බැංකුවේ දැන්වීම් සහ ගිණුම් ප්‍රකාශන, ආදායම් හා වියදම් වාර්තා, දෙපාර්තමේන්තු දැන්වීම්, නැවියන්ට දැන්වීම්, සුරාබදු ආඥාපනත පිළිබඳ දැන්වීම්
  • තනතුරු - ඇබෑර්තු, විභාග, විභාග ප්‍රතිඵල
  • දැන්වීම්, බඩු බාහිරාදිය ආදිය විකිණීම්
  • වෙළඳ ලකුණු පිළිබඳ දැන්වීම් හා නිවේදන, පේටන්ට් බලපත්‍ර පිළිබඳ නිවේදන

II කොටස:
  • සම්මත වූ පනත්, පනත් කෙටුම්පත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන්වීම්, ඇපැල් උසාවියේ දැන්වීම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ අපරාධ නඩු සැසි නිවේදන, දිසා අධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ දැන්වීම්, පිස්කල් මාර්ෂල්වරුන් පත් කිරීම්, පිස්කල් විකිණීම පිළිබඳ දැන්වීම්, බූදල් නඩු දැන්වීම්, නොතාරිස් ලැයිස්තු, විවිධ දැන්වීම්

III කොටස:
  • ඉඩම් නිරවුල් කිරීම පිළිපඳ දැන්වීම්, ආණ්ඩුවේ ඒජන්තවරුන් විසින් ඉඩම් විකිණීම, ඉඩම් නිරවුල් කිරීමේ නිලධාරි විසින් ඉඩම් විකිණීම, ඉඩම් රජයට ගැනීම පිළිබඳ දැන්වීම්, ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ දැන්වීම්, ඉඩම් නිදහස් කිරීම පිළිබඳ දැන්වීම්, ඉඩම් හිමි ගැමි ක්‍රමය යටතේ ඉඩම් දීම, ඉඩම් පිළිබඳ විවිධ දැන්වීම්

IV කොටස:
  • ප්‍රකාශන, පත්කිරීම්, පළාත් සභා නිවේදන, අතුරු ව්‍යවස්ථා, තනතුරු ඇබෑර්තු, විභාග, විභාග ප්‍රතිඵල, ටෙන්ඩර් දැන්වීම්, බඩු බාහිරාදිය විකිණීම, රේන්ද විකිණීම, විවිධ දැන්වීම්.
  • තනතුරු-ඇබෑර්තු, විභාග, විභාග ප්‍රතිඵල, පළාත් පාලන නිවේදන, අතුරු ව්‍යවස්ථා, පළාත් පාලන සභා ඡන්ද ආඥාපනත යටතේ දැන්වීම්, ආදායම් හා වියදම් ප්‍රකාශන, අයවැය ලේඛන, දේපළ විකිණීම, විවිධ දැන්වීම්

V කොටස:
  • ශ්‍රී ලංකාව තුල මුද්‍රණය කරන ලද සහ මුද්‍රණ කරුවන් සහ ප්‍රකාශකයන් සඳහා වන ආඥාපනත (179 පරිච්ඡේදය) යටතේ ලියාපදිංචි කරන ලද පොත්පත්

VI කොටස:
  • ජූරි සභිකයන්ගේ හා උපදේශකවරුන්ගේ නාමාවලිය


තව පොඩි වැදගත් දෙයක් කියන්න තියෙනවා. හැමදාම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් ගැසට් එකේ කොටස් 6ම නිකුත් කරන්නෙ නැහැ. එහෙම නිකුත් කරත් මුලු ගැසට් එකම හැම භාෂාවකින්ම නිකුත් කරන්නෙත් නැහැ. සමහර කොටස් ඉංග්‍රීසි ගැසට් එකේ තිබුනත් සිංහල ගැසට් එකේ නැති අවස්ථාත් තියෙනවා. ඔයාලා කෝකටත් භාෂා දෙකකින් නිතරම ගැසට් එක Download කරගෙන බලන්න.




ස්තූතියි!
https://play.google.com/store/apps/details?id=com.sri.lanka.government.gazette